Social Icons

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday 9 November 2012

මිනී මැරුවා ඇති................................

          පහුගිය දින ටිකේ අසන්නට දකින්නට ලැබුණු මිනීමැරුම් සමඟ ඒ දිනවල මගේ සිතට ආ අදහස් කීපයක් පසුවී හෝ ලියා තබන්නට සිතුයෙමි.
           දැන් දැන් මිනීමැරුමක් යන්න සරල දෙයක් බවට පත් වෙමින් තිබෙනු දක්නට ලැබේ.ඉතා කුඩා දේටත් මරාගැනීමෙන් මිනිසුන් තිරිසන් සතුන් ගණයට වැටී ඇත. සොච්චම් මුදලකට මිනිහෙක් මරා දැමීමෙන් මිනිස් ජීවිතය කෙතරම් බාල්දු කොට ඇත්දැයි කල්පනා කළ යුතුය.
         තවද මින් සිදුවන සමාජ අනාරක්ෂිත ස්වභාවය, කෙනෙකුට තවත්  අයෙක් විශ්වාස කිරීමට ඇති හැකියාව අඩු වීම, වැඩදායී මිනිස් ජීවිත රටට අහිමි වීම සැලකියයුතු සමාජ ප්‍රශ්න වෙයි. දැන් වැඩිහිටියන් හැදීමට පරක්කු වැඩිය. නමුත් හෙට දවස අපට සැළසුම් කළ හැක. මට හැ‍ඟෙනා අයුරින් මීට වියහැකි හේතු මෙසේ සටහන් කරමි.
         මා පාසල් යන අවධියේ හත වසරේ දී අපේ ගමේ පාසලේ හතේ පංතියේ සිසු සිසුවියන් විසි පහක් පමණ සිටි අතර දහය වසර වන විට එය දහහත් දෙනෙක් දක්වා අඩුව තිබුණි. අවසානයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ ඉන් දහදෙනෙකු පමණි. එයින් ද හතක් ගැහැණු ළමයි වු අතර ඉතිරි තුන්දෙනා පිරිමි ළමයි වූහ.
         මා මෙහිදී කීමට උත්සාහ කළේ බොහෝ ගම්බද පාසල් වල වන්නේ මේ සිද්ධියම බවය. එනම් අතරමග පාසල් හැර යාම ඉතා බහුල බවය.මගේ අත්දැකීමේ හැටියට මීට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ  දෙමාපියන්ගේ නොදැනුවත්කමයි. බොහෝවිට පාසල් යන ගම්බද දරුවන්ට උදේට සහ හවසට අතිවිශාල රාජකාරි සම්භාරයක් පැවරෙයි. මා හොඳින් හඳුනන එක් ළමයෙක් පාසල්  යන්නේ තම පියාගේ බේකරියේ නිපදවන කෑම, කඩවලට දැමීමෙන් අනතුරුවය. හවස් වරුවේ නිවසට පැමිණ නැවතත් එම රාජකාරිය ඉටුකර, හරකුන්ගෙන් කිරිදොවා ඒවා රැස්කරන මධ්‍යස්ථානයට ගෙනයයි. ඔහු හ‍ය වසරේ සිට නවය වසර දක්වා හැම වාර පරීක්ෂණයකදීම  පන්තියේ පළමුවැනියා වූ අතර, ඉන් පසු ඔහු පන්තියේ හතර පහ දක්වා පහතට වැටුණි. මා සිතන්නේ ඔහුගේ අධ්‍යාපනය කඩා වැටීමට මූලික හේතුව ඔහුගේ ආර්ථිකය බවයි.
           සමහර විට මෙම අති විශාල මිනී මැරුම් තොගයට මෙම දරුවන් අතරමග පාසල් හැරයාම ද හේතුවක් වන්නට  පුළුවන.  ඔවුන් සමාජයට එන්නේ රැකියාවක් කිරීමට තරම් පළපුරුද්දක් හා වයසක් නැතිවය. මෙහිදී ඔවුන් නොමඟට යාමේ හැකියාවද වැඩිය. එසේ පැමිණ නරක ඇබ්බැහි වලට පුරුදු වූ කීපදෙනෙක් ම මම පෞද්ගලිකව හඳුනමි. එබැවින් අතරමග පාසල් හැරයන පිරිස අඩු කිරීමට තවම තේරුම්ගෙන නැතත් අධ්‍යාපන බලධාරීන්ට විශාල වගකීමක් පැවරී ඇත.
          මෙවැනි ප්‍රශ්නයකදී ආගමික පැත්ත සැලකියයුතු බලපෑමක් සිදුකරයි. එබැවින් දහම් පාසලක වගකීම අද දවසේ ඉතා ඉහළය.  දහම් පාසල තවත් එක් අධ්‍යාපන ආයතනයක් පමණක් වීම අනුමත කළ නොහැකිය. එය සතුව ඊට වඩා වගකීමක් ඇත. දහම් පාසල් අවසාන විභාගයට හෝ ධර්මාචාර්ය විභාගයට සූදානම් කිරීම පමණක් දහම්පාසලෙන් සිදුවන්නේ නම් එයින් ද දහම්පාසලේ වගකීම හරියාකාරව ඉටු නොවේ.
       දෙමාපියන් ද තම දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය.(මා මින් අදහස් කරන්නේ වරදකට දඬුවම් කළ ගුරුවරයාට එරෙහිව මානව හිමිකම් යාම වැනි දේ නොවේ.) බොහෝ දෙමාපියන් තම දරුවන් පාසල් යැවු පසු තම වගකීම අහවර වේ යැයි ද ඉන් පසු පාසලේ වගකීමක් යැයිද සිතා කටයුතු කරති. නමුත් අතරමග බස්රථයේදී දරුවා පිළිබඳ වගකීමක් පාසලට ගත නොහැක. තවද සමහර දෙමව්පියෝ තම දරුවන්ට නිවස තුළ බලු පැටවෙක් බළල් පැටවෙක් වත් ඇති කිරීමට ඉඩ නොදෙති. එකට එක්ව කෑම නොගනිති. කුඩා දරුවන්ගේ සිත් තුළ දයාව කරුණාව ඇතිවන්නට මෙවැනි කුඩා දේවල් අතිශයින්ම වැදගත් වේ. යම් අයෙකුගේ සිතක දයාවක් කරුණාවක් නැත්නම් ඔහුට මිනිහෙක් මැරීම පහසු වැඩකි.
         මා කුඩා කළ (එතරම් ඈත අතීතයක නොවේ.) අපේ ලොකු අත්තා මාත් නංගිලාවත් වට කරගෙන රාත්‍රි වනතුරුම කතන්දර කියා දුන්නේය. නමුත් අප වයසේම බොහෝ දෙනෙක්ට එය අහිමි විය. ඒ බොහෝ විට වැඩිහිටි සීයා කෙනෙක් නිවසක නොසිටීම හෝ ඉන්න සීයලා කාර්ය බහුල වීම වැනි දේ නිසාවෙනි.
          මා මෙතෙක් කීවේ හෙට දිනය ආරක්ෂිත කර ගැනීමට අද අපට කළ හැකි දේ පිළිබඳ වය. අද දින ආරක්ෂා වීමට නම් අප විමසිලිමත් විය යුතුය. කහට කෝප්පෙටත් වලි අල්ලන්නේ නම් ඔබේ ජීවිතය අනාරක්ෂිතය.
          නීතිය සියළුදෙනාටම රැකීමට මිස ජය ගැනීමට නොවන බව සිහි තබාගත යුතුය.
           වරද්දගෙන ඇත්තේ අපි අපිම බව දැන් ඔබට පසක් වියයුතුය. එය නිවැරදි කර ගැනීමේ හැකියාවද අප සතුය.  
          
          

       

Monday 5 November 2012

හැටහතර මායම් (බැඳපු නොබැඳපු සියළු පිරිමින්ට විශේෂයි)

දන්න අයත් ඇති.......... නොදන්න අයත් ඇති......... අහුවුණ අයත් ඇති...........
මේ ඒ හැම කොල්ලෙක්ගෙම ආරක්ෂාව පිණිස
  •  මේ ලක්ෂණ ඔයා අඳුරන ගෑනු ළමයෙක්ට තියෙනවනම් ඔයා අවදානමක
  •  මේ ලක්ෂණ ඔයාගෙ ගෑනුළමයට තියෙනවනම් ඒත් ඔයා අවදානමක
  • මේ ඔයා බඳින්න ඉන්න කෙනා ගෙ ලක්ෂණ වෙන්න ඕන
  • මේ අළුත් මනමාලිගෙ ලක්ෂණ
  • මේ කල්ගිය මනමාලි
  • සියළු කාන්තාවන්ට පොදු
  1. නෙතඟ බැල්ම
  2. ඇස කැරකවීම
  3. ඇස් පියවීම
  4. ඇස් නෙරවා බැලීම
  5. වරින්වර බැලීම
  6. ඇස අඩක් වැසීම
  7. ඇස සම්පූර්ණයෙන් වැසීම
  8. වෙනතක බලා සිටීම
  9. යමක් සිඹීම
  10. නාසය හකුළා ගැනීම
  11. සුසුම් ලෑම
  12. කට කොනට නගා සිනාසීම
  13. තොල පිටපෙරළා සිනාසීම
  14. කොක්හඬ ලා සිනාසීම
  15. තොලින් තොල බැඳීම
  16. බොරු කැස්ස
  17. දිව දික් කිරීම
  18. දිව විකා පෙන්වීම
  19. දිව නැටවීම
  20. කෑරීම
  21. රෙද්ද ලිහා නැවත ඇඳීම
  22. පලන් අබරණ වරින් වර ඇල්ලීම
  23. හුරු අත වැනීම
  24. බඩ අතගෑම
  25. අත කැසීම
  26. පය කැසීම
  27. ලයෙහි අත තැබීම
  28. අත් දෙක බැඳගෙන සිටීම
  29. දෙපා බරගස් යාම ඊම
  30. පයින් ඉරි ඇඳීම
  31. පයින් පය ගැටීම
  32. අවයව පෙනෙන ලෙස සිටීම
  33. අවයව පෙනෙන ලෙස ඉඳීම
  34. අවයවන පෙනෙන ලෙස නිදා ගැනීම
  35. අවේලාවට නිදා ගැනීම
  36. දොරකඩ රැක සිටීම
  37. කතා නොකර සිටීම
  38. දෙපා විහිදාගෙන සිටීම
  39. උඩ බලාගෙන හිඳීම
  40. කරබාගෙන සිටීම
  41. පෙකනිය නොවසා රෙද්ද ඇඳීම
  42. කතාවෙහි බොළඳකම් පෙන්වීම
  43. පියයුරු තදකර බැඳීම
  44. මදක් නැමී බැලීම
  45. උරහිස නැටවීම
  46. ඉඟටිය නැටවීම
  47. පයෝධර නැටවීම
  48. දුවගෙන ගොස් ගෙට වැදීම
  49. දොර කවුළු ආ‍දියෙන් එබී බැලීම
  50. බොරු ඈනුම් ඇරීම
  51. කොණ්ඩය ලිහාගෙන යාම
  52. මග යමින් ආපසු හැරී බැලීම
  53. වස්ත්‍රය කොණක් අල්ලාගෙන යාම
  54. ශබ්ධකොට කතා කිරීම
  55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම
  56. කෝප වූවාක් මෙන් කතා කිරීම
  57. ස්ත්‍රීන්ගේ අගුණ කීම
  58. කවට වචන කීම
  59. පිරිමින්ගේ අගුණ කීම
  60. බොරු නෑකම් කීම
  61. බුලත් ආදිය කෑමෙහි ගිජුකමක් දැක්වීම 
  62. ක්ලාන්ත ගතිය දැක්වීම
  63. විසිතුරු දේහි වඩා කුහුලක් දැක්වීම
  64. ඉතා සුළු දේහි බියසුළුකමක් දැක්වීම
 ප/ලි :- මේව මං හිතල ලියපුව එහෙම නෙමෙයි ඕං.. කාන්තාවන්ට අපහාස කොළා කියල මාව අල්ලගන්නව එහෙම නෙවෙයි...... තිබුණේ සංඛ්‍යා ශබ්ධකෝෂෙ... පිටුව 307

Saturday 3 November 2012

(My) Computer Properties




සෙවෙන් නැතත් xp ඇත
තීම් වලින් සැරසී ඇත
හොර කොපි සොෆ්ට්වෙයා වලින්
මතකේ පිරී ඉතිරී ඇත

වරකට ප්‍රෝග්‍රෑම්  එකයි
දෙක තුන දැම්මොත් කෙලවෙයි
වර්ඩ් එක්ක නොට් පෑඩ්
ඕපන් කෙරුවොත් හිරවෙයි

තිස් දෙක වී.ජී .ඒ  එක 
දෙසිය පනස් හය රැම් එක
මතකෙට හතලිහක්ම ඇත
ඉන්  තිහක්ම ඉතිරිව ඇත

වී.ජී .ඒ වැඩ  නැත්තේ
ඔන් බෝඩ් ය  වැඩ ඇත්තේ
සවුන්ඩ් කාඩ් මේ  ලඟකදී
මටත් නොකියා ගිහින් ඇතේ

හදාගන්ට නැත වත්කම
එනමුත් මෙය වැඩ දිගටම
බ්ලොග් ලියන්න දැලේ යන්න
මේක තමයි මගේ වත්කම

Thursday 1 November 2012

රූපවාහිනියේ කාටූන් සහ සිරසෙ කාටූන්

              
                මේ ආකාරයේ පොස්ටුවක් දැමීමට සිත් වුයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ සහ අප පෙර නැරඹු ළමා කාර්ටූන් වෙනත් නාලිකා කීපයක විකාශය වනවා දැකීමෙනි.
                මා කුඩාකල අප නිවසේ තිබුනේ අඟල් 12 ක කොස්මෝ වර්ගයේ කළු-සුදු ටී.වී එකකි. අප්පච්චිගේ අණසක යටතේ අපට ටී.වී බැලීමට ලැබුනේ දිනකට පැය 1 කි. එයද රූපවාහිනිය පමණි. එදා පටන් අද දක්වා අප නරඹන්නේ ජාතික රූපවාහිනිය පමණි (ආණ්ඩුව කුමක් වුවත්).  ඊට හේතු කීපයකි.

1. රූපවාහිනියේ ටෙලිනාට්‍ය වල පවා හරවත් යමක් තිබීම.(අද එය රූපවාහිනියේ ඇතැම් ටෙලිනාට්‍ය සඳහා ප්‍රශ්නාර්ථයකි)
2.තවමත් මෙගා නොවන ටෙලිනාට්‍ය වැඩිම ප්‍රමාණයක් විකාශය වන්නේ රූපවාහිනිය මගිනි.
3. හඬ කවා ඉදිරිපත් කරන විදේශීය නාට්‍ය වල පවා දේශීය ගතියක් තිබීම.
4. ජාතික වැදගත්කමකින් යුතු වාර්තා වැඩසටහන්, සංචාරක වැඩසටහන් ආදිය වැඩිපුර දක්නට ලැබෙන්නේ රූපවාහිනියෙන් වීම.
5. කුඩා දරුවන් සඳහා වූ කාටූන් වල පවා වචනයෙන් වචනයට ගතයුතු යමක් තිබීම. (මෙය මා දුටුවේ රූපවාහිනියේ කාර්ටූන් වල පමණි.)

             කෙසේ වෙතත් ටයිටස් තොටවත්තයන් පසුව රුපවාහිනියේ කාටූන් නිපදවීම අඩු වී ඇත. ඒ වෙනුවට රූපවාහිනියේ කාටූන් ටික වෙනත් නාලිකාවල විකාශය වේ. ටයිටස් තොටවත්තයන්ගේ කාටූන් වල විදේශීය ගතියක් ඇත්තේම නැත. ලාංකිය දරුවන්ට ඒවා එතරම්ම සමීප වූයේ එබැවිනි. දඟර වලිග ලප වානර කාටූනයේ විරිඳු කවි උදාහරණයක්ලෙස දැක්විය හැකිය.
            
            නමුත් සිරසෙ කාටූන් ගත්විට ඒවා මුල් පිටපත් එලෙසම සිංහලයට පරිවර්තනය කිරීමක් ලෙස දැක්විය හැක. ඒවායේ කිසිම දේශීය බවක් නැත. ගතයුත්තක් ද නැත. නරඹන දරුවන්ට ඉතිරි වන්නේ පුහු සිනහවක් පමණී.
           
           කාටූන් සිංහයට පරිවර්තනය කර විකාශය කිරීමේදී සියලු නාලිකාවන්ට දැඩි වගකීමක් ඇති බව සැලකිය යුතුය. මක් නිසාද යත්, ඒවා නරඹන්නේ වැඩෙන මනසින් යුත් ළදරුවන් විසින් වන බැවිනි.

           

පළමු ලියමන


දිගු කලක සිට බ්ලොග් එකක් ලිවීමට අදහස් කලත් එය බොහෝ කලක් අදහසක් පමණක් ම විය. දැඩි උත්සහයකින් පසු අද බ්ලොග් එකක් සැදුවෙමි. මෙහි මම කියවූ ඇසු දේ ගැන සටහනක් තබන්නෙමි. විවරණය ඔබට බාරයි.