Social Icons

Thursday 1 November 2012

රූපවාහිනියේ කාටූන් සහ සිරසෙ කාටූන්

              
                මේ ආකාරයේ පොස්ටුවක් දැමීමට සිත් වුයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ සහ අප පෙර නැරඹු ළමා කාර්ටූන් වෙනත් නාලිකා කීපයක විකාශය වනවා දැකීමෙනි.
                මා කුඩාකල අප නිවසේ තිබුනේ අඟල් 12 ක කොස්මෝ වර්ගයේ කළු-සුදු ටී.වී එකකි. අප්පච්චිගේ අණසක යටතේ අපට ටී.වී බැලීමට ලැබුනේ දිනකට පැය 1 කි. එයද රූපවාහිනිය පමණි. එදා පටන් අද දක්වා අප නරඹන්නේ ජාතික රූපවාහිනිය පමණි (ආණ්ඩුව කුමක් වුවත්).  ඊට හේතු කීපයකි.

1. රූපවාහිනියේ ටෙලිනාට්‍ය වල පවා හරවත් යමක් තිබීම.(අද එය රූපවාහිනියේ ඇතැම් ටෙලිනාට්‍ය සඳහා ප්‍රශ්නාර්ථයකි)
2.තවමත් මෙගා නොවන ටෙලිනාට්‍ය වැඩිම ප්‍රමාණයක් විකාශය වන්නේ රූපවාහිනිය මගිනි.
3. හඬ කවා ඉදිරිපත් කරන විදේශීය නාට්‍ය වල පවා දේශීය ගතියක් තිබීම.
4. ජාතික වැදගත්කමකින් යුතු වාර්තා වැඩසටහන්, සංචාරක වැඩසටහන් ආදිය වැඩිපුර දක්නට ලැබෙන්නේ රූපවාහිනියෙන් වීම.
5. කුඩා දරුවන් සඳහා වූ කාටූන් වල පවා වචනයෙන් වචනයට ගතයුතු යමක් තිබීම. (මෙය මා දුටුවේ රූපවාහිනියේ කාර්ටූන් වල පමණි.)

             කෙසේ වෙතත් ටයිටස් තොටවත්තයන් පසුව රුපවාහිනියේ කාටූන් නිපදවීම අඩු වී ඇත. ඒ වෙනුවට රූපවාහිනියේ කාටූන් ටික වෙනත් නාලිකාවල විකාශය වේ. ටයිටස් තොටවත්තයන්ගේ කාටූන් වල විදේශීය ගතියක් ඇත්තේම නැත. ලාංකිය දරුවන්ට ඒවා එතරම්ම සමීප වූයේ එබැවිනි. දඟර වලිග ලප වානර කාටූනයේ විරිඳු කවි උදාහරණයක්ලෙස දැක්විය හැකිය.
            
            නමුත් සිරසෙ කාටූන් ගත්විට ඒවා මුල් පිටපත් එලෙසම සිංහලයට පරිවර්තනය කිරීමක් ලෙස දැක්විය හැක. ඒවායේ කිසිම දේශීය බවක් නැත. ගතයුත්තක් ද නැත. නරඹන දරුවන්ට ඉතිරි වන්නේ පුහු සිනහවක් පමණී.
           
           කාටූන් සිංහයට පරිවර්තනය කර විකාශය කිරීමේදී සියලු නාලිකාවන්ට දැඩි වගකීමක් ඇති බව සැලකිය යුතුය. මක් නිසාද යත්, ඒවා නරඹන්නේ වැඩෙන මනසින් යුත් ළදරුවන් විසින් වන බැවිනි.

           

15 comments:

  1. ටයිටස් මහතාගේ අභාවය සමග කාටුන් වල ගුනාත්මක බවේ හිගයක් වේවි.

    එසේම නාලිකා කුමක්වුවත් දැන් ලෝකයේ හරවත් කාටුන් අඩුය.

    දිගු ගමනකට ජය පතමි.

    ලියපං සපෝට් එකක් දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. ඒක බලපාන්නෙ අනාගතේට... ඉස්සරහට කාටූන් පොඩිඑවුං ටිකක් බිහිවෙයි.. ස්තූතියි මේ පැත්තට ආවට.

      Delete
  2. මට ඔබ සමග එකඟ වන්නට බැහැ ගාමින්ද සහ සුනොත් සූරපප්පා හෙම හරිම දේශිය විදියට හඩකවා තිබුනා...පරණ වූ පලියට හැමෝම හැමදේම හොද වෙන්නෙ නෑ...
    තොටවත්ත හඩකවපු සමහර කාටුන් වල විදෙස් වාක්‍යමාලා එහෙමම තියෙනවා..උදාහරණ ලෙස මම ගෙදර යනවා කියන සරල වාක්‍යය තොටවත්තගේ පරිවර්ථන වල තියෙන්නෙ මම යනවා ගෙදර කියලා....ගොඩක් වෙලාවට...
    සිරසේ සුනෙත් සහ ගාමින්ද වත්මන් කාටුන සහ අනෙක් හඩකැවීම් වල මාවත වෙනස් කරන්න ලොකු දෙයක් කලා....

    ඒත් හෙම දෙයක් වුනා කියල පිලිගන්න හණමිටි කාරයො කැමති නෑ...සූරපප්පා කොයි තරම් ජනප්‍රිය වුනාද කියනවානං සති අන්තයේ රෑ 8.30ට සූරපප්පා පෙන්වන්න තරං ඒක ප්‍රබල වුනා...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට.
      මම ඔයාගෙ අදහසට ගරු කරනව.
      //උදාහරණ ලෙස මම ගෙදර යනවා කියන සරල වාක්‍යය තොටවත්තගේ පරිවර්ථන වල තියෙන්නෙ මම යනවා ගෙදර කියලා....ගොඩක් වෙලාවට...//
      මචෝ මේක වචනෙන් වචනෙට ගන්න බෑ.. මම කියල තියෙන්නෙ වචනෙන් වචනෙ වෙනස් කරන්න කියල නෙමේ. කතාව ඇතුළට අපේ දෙයක් ඇතුළත් කරන්න කියල. මම කතා කරන්නෙ සමස්ථය. සූර පප්පගෙ උණත් ගන්න ඇති ඉටිගෙඩියක් නෑ.. තියෙන්නෙ හොඳ හඬ කැවීමක් විතරයි..
      ටයි මහත්තයගෙ කාටූන් වල බොහෝ විට වචනෙන් වචනෙට මොකක්හරි උපදේශයක් තියෙනව.. සෝරෝ වගේ කාටූන් වල පවා.
      //ඒත් හෙම දෙයක් වුනා කියල පිලිගන්න හණමිටි කාරයො කැමති නෑ...//
      මේක හණම්ටි අදහසක් නෙමේ බන්. රූපවාහිනිය හඬ කවපු 'බැන්ඩලේරෝ','දඟරවලිග ලප වානර' පෞ‍රාණික කාටූන් කියල උඹ හිතනවද? මේවගෙත් පැහැදිලිවම ගතයුත්තක් තියෙනවා. (මම හැට පැනපු හණමිටිකාරයෙක් එහෙම නෙමෙයි.. මට තව 22ක් වත් නෑ.. ඒත් මට ටිකක් පේන්නෙ වෙනස් විධියට.)
      //සූරපප්පා කොයි තරම් ජනප්‍රිය වුනාද කියනවානං සති අන්තයේ රෑ 8.30ට සූරපප්පා පෙන්වන්න තරං ඒක ප්‍රබල වුනා... //
      ජනප්‍රිය හැමදේම හොඳයි කියන්න බෑ. අපේ මිනිස්සුන්ට මොන දෙයක් ගෙනත් පෙන්නුවත් බාරගන්නව.
      බොහොම ස්තූතියි අදහසට.

      Delete
  3. සිරසේ හෝ වෙනත් නාලිකා වල වැඩ කරන සේවකයන් අනුව එහි රසය මහා වෙනසක් වේවි කියන්නට බැහැ. සිරසේත් අනෙක් පුද්ගලික නාලිකා බොහොමයකත් සිටින්නේ එදා රූපවාහිනියෙන් බිහි උන කස්ටිය. නිවේදකයන් සහ පෙන්නන මූණු මොක උනත් තීරණ ගන්නේත් වැඩසටහන් හදන්නේත් වෙනත් කස්ටියක්. ඒ ඒ නාලිකා වල ආරම්භය අරමුණ හා දැක්ම වෙනස්.
    ටයි මාමා සිරසේ හිටිය නම් එයාටත් සූර පප්පා ගොඩට යන්න වෙනව. මොකෝ එතුමාගේ හොදම ගෝලයන් තමා සිරසේ මුලින්ම හඬ කවන්න තීන්දු තීරන අරගෙන පටන් ගත්තෙ.
    රුපවාහිනියට කෙල-කෝටි ගණන් බඩු හම්බ උනේ නිකන්. ජපානෙන් මැදිරි සංකීර්ණයටම බඩු පුහුණුව නිකන්. කොටින්ම කිවොත් පිදුරුතලාගල කන්දට බඩු ඇද්ද තටු දෙක දෙපැත්තෙ තියන ඇමරිකන් පත හෙලිකොප්ටර ආපහු ලංකාවට ආවෙ සුනාමියෙන් පස්සේ. පුද්ගලික නාලිකා එකකටවත් බඩු නිකන්වත් ට්‍රාන්ස්පෝට් ඇමරිකාවෙනවත් දෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දූපත් වැසියාවත් මේ පැත්තට පිළිගන්නවා.
      //ඒ ඒ නාලිකා වල ආරම්භය අරමුණ හා දැක්ම වෙනස්.//
      මෙහෙමයි යාළුවා, නාලිකාවක අරමුණ සහ දැක්ම වැඩසටහනක ගුණාත්මක බවට එරෙහි වෙන්න හොඳ නැහැ.
      //ටයි මාමා සිරසේ හිටිය නම් එයාටත් සූර පප්පා ගොඩට යන්න වෙනව. මොකෝ එතුමාගේ හොදම ගෝලයන් තමා සිරසේ මුලින්ම හඬ කවන්න තීන්දු තීරන අරගෙන පටන් ගත්තෙ//
      හරියට හරි.. ඒකට තමා මාත් විරුද්ධ.
      //රුපවාහිනියට කෙල-කෝටි ගණන් බඩු හම්බ උනේ නිකන්. ජපානෙන් මැදිරි සංකීර්ණයටම බඩු පුහුණුව නිකන්. කොටින්ම කිවොත් පිදුරුතලාගල කන්දට බඩු ඇද්ද තටු දෙක දෙපැත්තෙ තියන ඇමරිකන් පත හෙලිකොප්ටර ආපහු ලංකාවට ආවෙ සුනාමියෙන් පස්සේ. පුද්ගලික නාලිකා එකකටවත් බඩු නිකන්වත් ට්‍රාන්ස්පෝට් ඇමරිකාවෙනවත් දෙන්නේ නෑ//
      නිකන් දුන්නොත් ගුණාත්මක බව වැඩි කරන්න පුළුවන්.. සල්ලි දීල ගත්තොත් එහෙම බෑ කියලද ඔයා මේ කියන්නෙ?
      ‍බොහොම ස්තූතියි යාළුවා මේ පැත්තට ආවට... ආයිත් ඇවිත් යන්න එන්න.. මම බලාපොරොත්තු වුණේ මේ වගේ කමෙන්ට් තමා.

      Delete
  4. මෙහෙමයි ඔකෙ මෙහෙම පැත්තක් තියෙනවා....
    අද වානිජ රැල්ල පිටිපස්සෙ යන්න තමයි පුද්ගලික නාලිකා වලට වෙලා තියෙන්නෙ ...ඉතින් ඒ නිසා වැරැද්දක් කියන්නත් බැහැ...
    මොකද රූපවාහිනිය ආදායමට වඩා බලන්න ඔන රට ගැන එතකොට හොද කාටුන් වගේම හොද වැඩ සටහනුත් යනවා(දේශපාලනය හැර)
    ඉතින් මෙ පැත්තට අදයි ආවෙ සුභපතනවා ....
    වෙලාවක මගේ දිනපොතේ පිටු පෙරලන්නත් එන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා..
      //අද වානිජ රැල්ල පිටිපස්සෙ යන්න තමයි පුද්ගලික නාලිකා වලට වෙලා තියෙන්නෙ ...ඉතින් ඒ නිසා වැරැද්දක් කියන්නත් බැහැ...//
      මේ හදන්නෙ බල්ලො මරල හරි සල්ලි හම්බ කරන්නද?
      //හොද වැඩ සටහනුත් යනවා(දේශපාලනය හැර)//
      හරියටම හරි.. රූපවාහිනියෙ දේශපාලනේටනම් මාත් කෙළින්ම විරුද්ධයි..
      බොහොම ස්තූතියි යාළුවා මේ පැත්තට ආවට.. අනිවා..ඔයාගෙ දිනපොත බලන්න එනවා..

      Delete
  5. ඔයා කියන දේවල් සහතික ඇත්ත

    එහෙමයි කියලා රූපවාහිනිය විතරක් බලන්න එපා

    ඔයා දැන් ලොකු ළමයෙක්

    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්


    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි.. දැන් අපිට ඕන චැනල් එකක් බලන්න නිදහස තියෙනවා.. එහෙම බැලුවෙ නැත්තම් රටේ ඇත්තටම වෙන්නෙ මොනවද කියල දැනගන්න බැරි වෙනවා..
      ස්තූතියි කමෙන්ට් එකට.. ආයිත් එන්න..

      Delete
  6. කියවන්න කියලා ගත්තා.එත් හදිසියේ ගමනක්.ඇවිත් කියවන්නම්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලාවක ඇවිත් කියවන්න..
      ආවට ස්තූතියි..

      Delete
  7. මේකයි අයියා රූපවාහිනියේ කාටුන් ඉස්සර හඬකවපු ඒවාමයි තාමත් යන්නේ.අලුත් කාටුන් වැඩිය හඬ කවන්නේ නැද්ද මන්දා.ඒත් සිරසේ පරණ කාටූන් වුනත් අලුතෙන් හඬ කවලා තමා පෙන්වන්නේ.එතනද නව්‍යකරණය වෙලා තියෙනවා සිරස.

    ReplyDelete
    Replies
    1. ම්හ්ම්........
      නිශාන් මලයා සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට...
      ආයිත් එන්න ඕන හො‍ඳේ......

      Delete
  8. නියමම කතාව ඔබේ කතාවට මමත් එකඟයි.

    ReplyDelete

මේ පාඨකයාට ට හිතෙන දේ. ඔබට හිතෙනදේ ලියා යන්න. පාඨකයා එය හිස් මුදුනින් පිළිගනී.