පහුගිය දින ටිකේ අසන්නට දකින්නට ලැබුණු මිනීමැරුම් සමඟ ඒ දිනවල මගේ සිතට ආ අදහස් කීපයක් පසුවී හෝ ලියා තබන්නට සිතුයෙමි.
දැන් දැන් මිනීමැරුමක් යන්න සරල දෙයක් බවට පත් වෙමින් තිබෙනු දක්නට ලැබේ.ඉතා කුඩා දේටත් මරාගැනීමෙන් මිනිසුන් තිරිසන් සතුන් ගණයට වැටී ඇත. සොච්චම් මුදලකට මිනිහෙක් මරා දැමීමෙන් මිනිස් ජීවිතය කෙතරම් බාල්දු කොට ඇත්දැයි කල්පනා කළ යුතුය.
තවද මින් සිදුවන සමාජ අනාරක්ෂිත ස්වභාවය, කෙනෙකුට තවත් අයෙක් විශ්වාස කිරීමට ඇති හැකියාව අඩු වීම, වැඩදායී මිනිස් ජීවිත රටට අහිමි වීම සැලකියයුතු සමාජ ප්‍රශ්න වෙයි. දැන් වැඩිහිටියන් හැදීමට පරක්කු වැඩිය. නමුත් හෙට දවස අපට සැළසුම් කළ හැක. මට හැඟෙනා අයුරින් මීට වියහැකි හේතු මෙසේ සටහන් කරමි.
මා පාසල් යන අවධියේ හත වසරේ දී අපේ ගමේ පාසලේ හතේ පංතියේ සිසු සිසුවියන් විසි පහක් පමණ සිටි අතර දහය වසර වන විට එය දහහත් දෙනෙක් දක්වා අඩුව තිබුණි. අවසානයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ ඉන් දහදෙනෙකු පමණි. එයින් ද හතක් ගැහැණු ළමයි වු අතර ඉතිරි තුන්දෙනා පිරිමි ළමයි වූහ.
මා මෙහිදී කීමට උත්සාහ කළේ බොහෝ ගම්බද පාසල් වල වන්නේ මේ සිද්ධියම බවය. එනම් අතරමග පාසල් හැර යාම ඉතා බහුල බවය.මගේ අත්දැකීමේ හැටියට මීට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ දෙමාපියන්ගේ නොදැනුවත්කමයි. බොහෝවිට පාසල් යන ගම්බද දරුවන්ට උදේට සහ හවසට අතිවිශාල රාජකාරි සම්භාරයක් පැවරෙයි. මා හොඳින් හඳුනන එක් ළමයෙක් පාසල් යන්නේ තම පියාගේ බේකරියේ නිපදවන කෑම, කඩවලට දැමීමෙන් අනතුරුවය. හවස් වරුවේ නිවසට පැමිණ නැවතත් එම රාජකාරිය ඉටුකර, හරකුන්ගෙන් කිරිදොවා ඒවා රැස්කරන මධ්‍යස්ථානයට ගෙනයයි. ඔහු හය වසරේ සිට නවය වසර දක්වා හැම වාර පරීක්ෂණයකදීම පන්තියේ පළමුවැනියා වූ අතර, ඉන් පසු ඔහු පන්තියේ හතර පහ දක්වා පහතට වැටුණි. මා සිතන්නේ ඔහුගේ අධ්‍යාපනය කඩා වැටීමට මූලික හේතුව ඔහුගේ ආර්ථිකය බවයි.
සමහර විට මෙම අති විශාල මිනී මැරුම් තොගයට මෙම දරුවන් අතරමග පාසල් හැරයාම ද හේතුවක් වන්නට පුළුවන. ඔවුන් සමාජයට එන්නේ රැකියාවක් කිරීමට තරම් පළපුරුද්දක් හා වයසක් නැතිවය. මෙහිදී ඔවුන් නොමඟට යාමේ හැකියාවද වැඩිය. එසේ පැමිණ නරක ඇබ්බැහි වලට පුරුදු වූ කීපදෙනෙක් ම මම පෞද්ගලිකව හඳුනමි. එබැවින් අතරමග පාසල් හැරයන පිරිස අඩු කිරීමට තවම තේරුම්ගෙන නැතත් අධ්‍යාපන බලධාරීන්ට විශාල වගකීමක් පැවරී ඇත.
මෙවැනි ප්‍රශ්නයකදී ආගමික පැත්ත සැලකියයුතු බලපෑමක් සිදුකරයි. එබැවින් දහම් පාසලක වගකීම අද දවසේ ඉතා ඉහළය. දහම් පාසල තවත් එක් අධ්‍යාපන ආයතනයක් පමණක් වීම අනුමත කළ නොහැකිය. එය සතුව ඊට වඩා වගකීමක් ඇත. දහම් පාසල් අවසාන විභාගයට හෝ ධර්මාචාර්ය විභාගයට සූදානම් කිරීම පමණක් දහම්පාසලෙන් සිදුවන්නේ නම් එයින් ද දහම්පාසලේ වගකීම හරියාකාරව ඉටු නොවේ.
දෙමාපියන් ද තම දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය.(මා මින් අදහස් කරන්නේ වරදකට දඬුවම් කළ ගුරුවරයාට එරෙහිව මානව හිමිකම් යාම වැනි දේ නොවේ.) බොහෝ දෙමාපියන් තම දරුවන් පාසල් යැවු පසු තම වගකීම අහවර වේ යැයි ද ඉන් පසු පාසලේ වගකීමක් යැයිද සිතා කටයුතු කරති. නමුත් අතරමග බස්රථයේදී දරුවා පිළිබඳ වගකීමක් පාසලට ගත නොහැක. තවද සමහර දෙමව්පියෝ තම දරුවන්ට නිවස තුළ බලු පැටවෙක් බළල් පැටවෙක් වත් ඇති කිරීමට ඉඩ නොදෙති. එකට එක්ව කෑම නොගනිති. කුඩා දරුවන්ගේ සිත් තුළ දයාව කරුණාව ඇතිවන්නට මෙවැනි කුඩා දේවල් අතිශයින්ම වැදගත් වේ. යම් අයෙකුගේ සිතක දයාවක් කරුණාවක් නැත්නම් ඔහුට මිනිහෙක් මැරීම පහසු වැඩකි.
මා කුඩා කළ (එතරම් ඈත අතීතයක නොවේ.) අපේ ලොකු අත්තා මාත් නංගිලාවත් වට කරගෙන රාත්‍රි වනතුරුම කතන්දර කියා දුන්නේය. නමුත් අප වයසේම බොහෝ දෙනෙක්ට එය අහිමි විය. ඒ බොහෝ විට වැඩිහිටි සීයා කෙනෙක් නිවසක නොසිටීම හෝ ඉන්න සීයලා කාර්ය බහුල වීම වැනි දේ නිසාවෙනි.
මා මෙතෙක් කීවේ හෙට දිනය ආරක්ෂිත කර ගැනීමට අද අපට කළ හැකි දේ පිළිබඳ වය. අද දින ආරක්ෂා වීමට නම් අප විමසිලිමත් විය යුතුය. කහට කෝප්පෙටත් වලි අල්ලන්නේ නම් ඔබේ ජීවිතය අනාරක්ෂිතය.
නීතිය සියළුදෙනාටම රැකීමට මිස ජය ගැනීමට නොවන බව සිහි තබාගත යුතුය.
වරද්දගෙන ඇත්තේ අපි අපිම බව දැන් ඔබට පසක් වියයුතුය. එය නිවැරදි කර ගැනීමේ හැකියාවද අප සතුය.