Social Icons

Monday 5 November 2012

හැටහතර මායම් (බැඳපු නොබැඳපු සියළු පිරිමින්ට විශේෂයි)

දන්න අයත් ඇති.......... නොදන්න අයත් ඇති......... අහුවුණ අයත් ඇති...........
මේ ඒ හැම කොල්ලෙක්ගෙම ආරක්ෂාව පිණිස
  •  මේ ලක්ෂණ ඔයා අඳුරන ගෑනු ළමයෙක්ට තියෙනවනම් ඔයා අවදානමක
  •  මේ ලක්ෂණ ඔයාගෙ ගෑනුළමයට තියෙනවනම් ඒත් ඔයා අවදානමක
  • මේ ඔයා බඳින්න ඉන්න කෙනා ගෙ ලක්ෂණ වෙන්න ඕන
  • මේ අළුත් මනමාලිගෙ ලක්ෂණ
  • මේ කල්ගිය මනමාලි
  • සියළු කාන්තාවන්ට පොදු
  1. නෙතඟ බැල්ම
  2. ඇස කැරකවීම
  3. ඇස් පියවීම
  4. ඇස් නෙරවා බැලීම
  5. වරින්වර බැලීම
  6. ඇස අඩක් වැසීම
  7. ඇස සම්පූර්ණයෙන් වැසීම
  8. වෙනතක බලා සිටීම
  9. යමක් සිඹීම
  10. නාසය හකුළා ගැනීම
  11. සුසුම් ලෑම
  12. කට කොනට නගා සිනාසීම
  13. තොල පිටපෙරළා සිනාසීම
  14. කොක්හඬ ලා සිනාසීම
  15. තොලින් තොල බැඳීම
  16. බොරු කැස්ස
  17. දිව දික් කිරීම
  18. දිව විකා පෙන්වීම
  19. දිව නැටවීම
  20. කෑරීම
  21. රෙද්ද ලිහා නැවත ඇඳීම
  22. පලන් අබරණ වරින් වර ඇල්ලීම
  23. හුරු අත වැනීම
  24. බඩ අතගෑම
  25. අත කැසීම
  26. පය කැසීම
  27. ලයෙහි අත තැබීම
  28. අත් දෙක බැඳගෙන සිටීම
  29. දෙපා බරගස් යාම ඊම
  30. පයින් ඉරි ඇඳීම
  31. පයින් පය ගැටීම
  32. අවයව පෙනෙන ලෙස සිටීම
  33. අවයව පෙනෙන ලෙස ඉඳීම
  34. අවයවන පෙනෙන ලෙස නිදා ගැනීම
  35. අවේලාවට නිදා ගැනීම
  36. දොරකඩ රැක සිටීම
  37. කතා නොකර සිටීම
  38. දෙපා විහිදාගෙන සිටීම
  39. උඩ බලාගෙන හිඳීම
  40. කරබාගෙන සිටීම
  41. පෙකනිය නොවසා රෙද්ද ඇඳීම
  42. කතාවෙහි බොළඳකම් පෙන්වීම
  43. පියයුරු තදකර බැඳීම
  44. මදක් නැමී බැලීම
  45. උරහිස නැටවීම
  46. ඉඟටිය නැටවීම
  47. පයෝධර නැටවීම
  48. දුවගෙන ගොස් ගෙට වැදීම
  49. දොර කවුළු ආ‍දියෙන් එබී බැලීම
  50. බොරු ඈනුම් ඇරීම
  51. කොණ්ඩය ලිහාගෙන යාම
  52. මග යමින් ආපසු හැරී බැලීම
  53. වස්ත්‍රය කොණක් අල්ලාගෙන යාම
  54. ශබ්ධකොට කතා කිරීම
  55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම
  56. කෝප වූවාක් මෙන් කතා කිරීම
  57. ස්ත්‍රීන්ගේ අගුණ කීම
  58. කවට වචන කීම
  59. පිරිමින්ගේ අගුණ කීම
  60. බොරු නෑකම් කීම
  61. බුලත් ආදිය කෑමෙහි ගිජුකමක් දැක්වීම 
  62. ක්ලාන්ත ගතිය දැක්වීම
  63. විසිතුරු දේහි වඩා කුහුලක් දැක්වීම
  64. ඉතා සුළු දේහි බියසුළුකමක් දැක්වීම
 ප/ලි :- මේව මං හිතල ලියපුව එහෙම නෙමෙයි ඕං.. කාන්තාවන්ට අපහාස කොළා කියල මාව අල්ලගන්නව එහෙම නෙවෙයි...... තිබුණේ සංඛ්‍යා ශබ්ධකෝෂෙ... පිටුව 307

3 comments:

  1. කාන්තාවෝ කරන සියලු වැඩ මේකේ ලියලා ඒ කියන්න කාන්තාවක් මොනවා කරත් ඒවා මායම් කියලද? :D

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේවා ගෑනු මායම් වෙන්න නම් ඔය වැඩ කරන වෙලාවයි වැදගත්. උදාහරණයක් විධියට නිකම් ගෙදර ඉන්න ගමන් කවුරු හරි ගෑනු කෙනෙක් ක්ලාන්ත ගතියක් දැම්මොත් ෂුවර් එයාට ලෙඩක්. කොල්ලත් එක්ක ඉන්න වෙලාවක නම් වෙන ලෙඩක්...
      මං හරියටම දන්නෑ.. මේ මායම් ගැන මට හිතුණ හැටි... මේව මං හිතල ලියපුවා එහෙම නෙමෙයි... මං අකුරක් වත් වෙනස් කළේ නෑ...

      Delete
    2. ආ........ මං ඕක වර්ග කළේ නිකං ෆන් එකට වගේ....

      Delete

මේ පාඨකයාට ට හිතෙන දේ. ඔබට හිතෙනදේ ලියා යන්න. පාඨකයා එය හිස් මුදුනින් පිළිගනී.