Social Icons

Saturday 3 November 2012

(My) Computer Properties




සෙවෙන් නැතත් xp ඇත
තීම් වලින් සැරසී ඇත
හොර කොපි සොෆ්ට්වෙයා වලින්
මතකේ පිරී ඉතිරී ඇත

වරකට ප්‍රෝග්‍රෑම්  එකයි
දෙක තුන දැම්මොත් කෙලවෙයි
වර්ඩ් එක්ක නොට් පෑඩ්
ඕපන් කෙරුවොත් හිරවෙයි

තිස් දෙක වී.ජී .ඒ  එක 
දෙසිය පනස් හය රැම් එක
මතකෙට හතලිහක්ම ඇත
ඉන්  තිහක්ම ඉතිරිව ඇත

වී.ජී .ඒ වැඩ  නැත්තේ
ඔන් බෝඩ් ය  වැඩ ඇත්තේ
සවුන්ඩ් කාඩ් මේ  ලඟකදී
මටත් නොකියා ගිහින් ඇතේ

හදාගන්ට නැත වත්කම
එනමුත් මෙය වැඩ දිගටම
බ්ලොග් ලියන්න දැලේ යන්න
මේක තමයි මගේ වත්කම

4 comments:

  1. නරක නැහැ මැෂින් එක.:)
    මගේ මැෂින් එකත් ගේද්දී ඔය වගේ එත් පස්සේ මම එක එක කෑලි ගහලා දැන් ඩිවලොප් කරගෙන තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. අපි තාම අධ්‍යන මට්ටමේ නේ බං.... අපේ ඒවා හදාගන්න තව ටික කාලයක් යයි.....

      Delete
  2. මගෙත් මුල්ම මැෂින් එක ඔයවගේ තමයි. ඒ මට කියල මම වෙනුවෙන්ම ගත්තා පලවෙනි මැෂින් එක. ඒ 2007දි. ටික ටික උඩට එන්න ඕනේ හොඳින් ඉගනගත්තොත් කෙලින්ම කෝර් අයි 15 එකක්ම ගණන් බැරියා ඔයාලගේ ජොබ් කරන කාලේ වෙනකොට.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතල තමයි මමත් හිත හදාගෙන ඉන්නෙ.....
      ස්තූතියි මේපැත්තෙ ආවට....

      Delete

මේ පාඨකයාට ට හිතෙන දේ. ඔබට හිතෙනදේ ලියා යන්න. පාඨකයා එය හිස් මුදුනින් පිළිගනී.